Thursday, November 4, 2010

ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු


ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු - 01

කොහොමද ඔයාලට?අද මම ලියන්න හිතුවෙ ඔයගොල්ලෝ ගොඩක් දෙනා පාවිච්චි කරන දෙයක් ගැන.ඒ තමයි ගූග්ල් ඇනලයිටික්ස්.මේක ගොඩක් අය පාවිච්චි කරාට මේකෙ වැඩ ගැන දන්න අය ඉන්නේ බොහොම ටිකයි.මේක පාවිච්චි කරල අපට අපේ බ්ලොග් එකට හරි වෙබ්සයිට් එකට හරි එන අය ගැන ගොඩක් දේවල් අපට බලාගන්න පුලුවන්.ඇත්තම කිව්වොත් මේකෙන් අපට අපෙ වෙබ්සයිට් එකට එන අයගේ IP-Address, Browser, Operating System, Connection Speed, ISP, Connection Type, Screen Resolution,Java Support, Flash Support,Physical Location වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.මේ සඳහා ඔබ මුලින්ම ගූග්ල් ඇනලයිටික්ස් වල රෙජිස්ටර් වෙන්න ඕන.ඒ සඳහා ඔබගේ G-mail Username,Password භාවිතා කරන්න පුලුවන්.දැන් මේ පින්තූරවල තියෙන විදියට ඔබගේ අඩවියත් එක් කරන්න.(තාම ජීමේල් වල රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතනින් රෙජිස්ටර් වෙන්න)(පින්තූර අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)


ඉස්සෙල්ලම Add Website Profile ක්ලික් කරන්න

දැන් ඔබගේ අඩවියේ URL එක සහ ඔබගේ රට තෝරා දෙන්න


දැන් මේ කෝඩ් එක කොපි කරගන්න



දැන් ඔබට මේ ලැබෙන කෝඩ් එක ඔබගෙ අඩවියට ඇතුලත් කරගන්න ඕන.ඒ සඳහා ඔබගේ අඩවියේ HTML කෝඩ් එඩිටරය වෙත පිවිස </head> කියන කෝඩ් කෑල්ල හොයාගන්න (මේ සඳහා Ctrl + F යොදාගන්න පුලුවන් )දැන් ඒ කෝඩ් එකට උඩින් ඔබට ඇනලයිටික්ස් වලින් ලැබුනු කෝඩ් එක පේස්ට් කරගන්න.දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න.



ඊලඟට ඇනලයිටික්ස් වලට ගිහිල්ලා කෝඩ් එකට යටින් තියෙන Save and Finish බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒකෙ ඩෑශ්බෝඩ් එකට ඔබව රීඩිරෙක්ට් වෙයි.ඒකෙ මෙන්න මෙහෙම ඇති.




මේකේ තියෙන මේ සලකුනෙන් (Amazing Sign) කියවෙන්නේ තාම කෝඩ් එක ඇතුලත් කරලා නෑ කියලයි.ඒකට බයවෙන්න එපා. සාමාන්‍යයෙන් කෝඩ් එක ඇතුලත් කරලයි කියල දැනගන්න ගූග්ල්ලට පැය 24 විතර යනවා.ඊට පස්සේ ඒ සලකුන කොලපාට හරියකට හැරේවි.මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.අදට යනවා.ප්‍රශ්නයක් තිබුනොත් කමෙන්ට් කරන්න බයවෙන්න එපා.

 

ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු - 02

මේක කියවන්න ඉස්සරවෙලා පලවෙනි ලිපිය මෙතනින් කියවල ඉන්න.


ඔන්න දැන් ඇනලයිටික්ස් වල කෝඩ් එක දාගත්ත අයගෙන් ගොඩක් දෙනාගේ ඩෑශ්බෝඩ් එකේ කොලපාට හරියක් ඇති.(මෙන්න මේ වගේ  )ඒ කියන්නේ කෝඩ් එක හරියට අපේ බ්ලොග් එකට ඇතුලත් වෙලා කියන එකයි.දැන් තියෙන්නේ විස්තර බලාගන්න.මේකේ ඔයාගේ සයිට් නේම් එකට ඉස්සරහින් තියෙන View Stats කියල ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකේ විස්තර බලාගන්න.ඔය උඩින්ම තියෙන වගුවෙන් පෙන්නන්නේ සයිට් එකට ආව කට්ටිය.ඕනනම් මේ වගුවෙන් පෙන්නන දේ වෙනස් කරන්න පුලුවන් වගුවේ වම් පැත්තෙ උඩ තියෙන මෙනු එක පාවිච්චි කරලා.ඊට යටින් තියෙන සයිට් යූසේජ් කියන එකේ තියෙන දේවල තේරුම් මෙන්න මෙහෙමයි.

1) Visits ආව කට්ටිය

2) PageViews - ඒගොල්ලෝ බැලුව පේජස් ගාන

3) Pages/Visit - Visits, Pageviews වලින් බෙදුවාම එන ගාන (ඒ කියන්නේ එක විසිටර් කෙනෙක් බලපු පේජස් ගාන)

4) Bounce Rate - අපේ සයිට් එකට ඇවිල්ල අපේ සයිට් එක හරහා වෙන සයිට් වලට යන කට්ටිය (මේක ගනනය කරන්නේ මෙහෙමයි Bounce Rate = Total Number of Visits Viewing Only One Page / Total Number of Visits )

5) Avg. Time on Site - අපේ සයිට් එකට එන කට්ටිය සයිට් එකේ ඉන්න වෙලාව.

6) New Visits - අලුත් විසිටර්ස්ලා ගාන



ඊට ටිකක් යටින් ඇති Traffic Sources Overview කියල එකක්.ඒකෙ තියෙන ඒව මෙන්න මෙහෙමයි,
Referring Sites කියන්නේ වෙන සයිට් එකක තියෙන ලින්ක් එකක් ක්ලික් කරලා අපේ සයිට් එකට ආව ප්‍රතිශතය.
Direct Traffic කියන්නේ කෙලින්ම අපේ වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරලා අපේ සයිට් එකට ආව ප්‍රතිශතය.
Other කියන්නේ වෙනත් ක්‍රමවලින් අපේ සයිට් එකට ආව කට්ටිය.


දැන් අපි බලමු මේකෙ වම් පැත්තේ මෙනු එකේ තියෙන කියන එක.ගූග්ල් Intelligence කියන්නේ ගූග්ල්ලා ඇනලයිටික්ස් වලට දාපු අලුත්ම තාක්ෂනය.මේකෙන් කෙරෙන්නේ අපේ එක් එක් දිනවල ලැබුනු දත්ත සන්සන්දනය කරල යම්කිසි වෙනස්වීමක් (උදා:-විසිටර්ස්ලාගේ හදිසි අඩුවීමක්) දක්නට ලැබුනොත් ඒ බව අපට දන්වන එකයි.

දැන් අපි බලමු විසිටර්ස් කියන එක. මේකෙන් අපට බලන්න පුලුවන් අපේ සයිට් එකට ආපු අයගේ විස්තර.මේකෙ තියෙන එක එක ඒවයින් කෙරෙන්නේ මෙන්න මේවයි.

1) Overview :-මෙකේ අපට වැඩිපුරම අවශ්‍ය වන විස්තර ගෙන සාදා ඇත.

2) Map Overlay :-මෙකේ අපට බලන්න පුලුවන් අපේ විසිටර්ස් ලගේ Physical Location එක.

3) New vs. Returning :-මේකෙන් පෙන්වන්නේ අපෙ සයිට් එකට ආපු අලුත් අයයි පරන අයයි අතර සන්සන්දනයක්.

4) Languages :-මේකෙ අපට බලන්න පුලුවන් අපෙ සයිට් එකට ආපු අයගේ කීබෝඩ් ලේඅවුට් එක ගැන

5) Visitor Trending :-මේකෙ පෙන්වන්නේ විසිටර්ස් ලගේ ක්‍රියාකාරකම්

6) Visitor Loyality :-මේකෙන් අපට බලාගන්න පුලුවන් විසිටර්ස්ලා අපෙ සයිට් එකේ හිටපු වෙලාවන් අතර සන්සන්දනයක්

7) Browser Capabilities :-මේකෙන් අපට බලාගන්න පුලුවන් විසිටර්ස්ලගේ Web Brower වල විස්තර

8) Network Properties :-මේකෙන් අපට බලාගන්න පුලුවන් අපේ විසිටර්ස්ලගේ නෙට්වර්ක් කනෙක්ෂන් ගැන විස්තර.

9) Mobile :-මේකෙන් බලාගන්න පුලුවන් අපෙ සයිට් එකේ මොබයිල් බ්‍රවුසින් ගැන.

User Defined, Custom Variables කියන දෙකනම් අපට එච්චර වැදගත් වෙන්නේ නෑ.

ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු - 03

කොහොමද කස්ටියට?ඔන්න මම අද ආවේ ඇනලයිටික්ස් වල ඊළඟ කොටස ගැන පොඩි විස්තරයක් දාන්න.අපි අද බලමු මේකෙ  කියන කොටස ගැන.මේකෙ තියෙන සබ්ටොපික්ස් වල විස්තර මෙන්න මෙහෙමයි.

Overview :- මේක අපට අවශ්‍යම වන විස්තර අරගෙන හදල තියෙනවා.

Direct Traffic :- මෙකෙන් කියවෙන්නේ අපේ සයිට් එකට කෙලින්ම ආපු අයගේ විස්තර මෙකේ තියෙන වගුවේ  මෙනු එකෙන් අපට පුලුවන් අපෙ Direct Traffic වල විස්තර බලාගන්න.

Referring Sites :- මෙකෙන් අපට පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවන වෙනත් සයිට්ස් බලාගන්න.



Search Engines :- මෙතනින් පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවපු සර්ච් එන්ජින්ස්.මෙකෙ ෆිල්ටර් එක විදියට කීවර්ඩ්ස් තේරුවම අපිට බලාගන්න පුලුවන් ඒගොල්ලෝ අපෙ සයිට් එකට එන්න භාවිතා කරපු කීවර්ඩ්ස් මොනවද කියල.

All Traffic Sources :- මෙකෙන් පෙනවන්නේ Direct Traffic, Referring Sites සහ Search Engines කියන තුනම එකතු කරලා හදපු විස්තර.



Adwords Campaigns, Keyword Campaigns, TV Campaigns :- මේව අපට ප්‍රයෝජනවත් වෙන්නේ අපි ගූග්ල් ඇඩ්වර්ඩ්ස් භාවිතා කරලා ගූග්ල් එකේ ඇඩ්ස් දැම්මොත් විතරයි.ඒක සිංහල බ්ලොග්ස් වලට සාමාන්‍යයෙන් කරන්නේ නැති නිසා ඒක මම දාන්නේ නෑ.

Keywords :- මෙතනින් අපට බලාගන්න පුලුවන් කට්ටිය අපෙ බ්ලොග් එක හොයාගන්න භාවිතා කරන ලද කීඉවර්ඩ්ස් මොනවද කියලා.

Campaigns :- මෙතනින් අපට බලාගන්න පුලුවන් සින්ඩිකේටර්ස් එහෙම කැම්පේන්ස් හරහා අපේ බ්ලොග් එකට එව්ව කට්ටිය.

Ad Versions :- මේකෙන් අපට බලාගන්න පුලුවන් ෆී වෙබ් ඩිරෙක්ටරි වලින් සහ ෆීඩ් බර්නර් වගේ ඒවයින් අපේ බ්ලොග් එකට ආව කට්ටිය ගැන.

සියලු Keyboard Shortcuts. එකක් නෙමේ 170 ක්ම.

සියලු Keyboard Shortcuts. එකක් නෙමේ 170 ක්ම. 



 

අන්තර්ගතය :-
වින්ඩෝස් ශෝට්කට්ස්
සාමන්‍ය ශොර්ට්කට්ස්
සාමන්‍ය පරිපාලන ශොර්ට්කට්ස්
ගොනු ගවේශනය ශොර්ට්කට්ස්
උපකාරක ශොර්ට්කට්ස්
දුරස්ථ ලියනමේස සබදතා උපකාරක ශොර්ට්කට්ස්
මොසිල්ලා ගිනිනරියා ශොර්ට්කට්ස්
ජී මේල් ශොර්ට්කට්ස්
F1-F9 දක්වා

වින්ඩෝස් ශෝට්කට්ස්

Shift + F10 - දකුණු පස මෙනුව.
Win + L (වින්ඩෝස් XP සදහා පමනි) : ලොගය වසා දෑමිම
Win + F : හෝ F3 සෙවුම් වින්ඩෝව
Win + Control + F : පරිගණක සෙවුම් වින්ඩෝව
Win + U : ප්‍රයෝජනවත් සේවා
Win + F1 : උදව් සේවාව
Win + Pause : පද්දති ගුණ සේවාව
Win + Tab : වෑඩසටහන් පෙන්විම
Win + Shift + Tab : වෑඩසටහන් ඉදිරියට ගෑනිම
Alt + Tab : වෑඩසටහන් ( සම්ප්‍රදායික )
Alt + Shift + Tab : වෑඩසටහන් ඉදිරියට ගෑනිම ( සම්ප්‍රදායික )
Alt + Escape : ක්‍රියාත්මක වින්ඩෝ අකාරාදි පිලිවෙලට පසුපසට යෑවිම
Alt + Shift + Escape : ක්‍රියාත්මක වින්ඩෝ අකාරාදි පිලිවෙලට ඉදිරියට යෑවිම
Alt + F4 : ක්‍රියාත්මක වින්ඩෝ වසා දෑමිම
සංයුක්ත තෑටි ඈතුලු කර ඈති විට Shift බොත්තම එබිම : ස්වංක්‍රීය දාවනය විමට වෙනත් ක්‍රමයක්
ලොග් වෙන අතරතුර Shift බොත්තම එබීම :  Startup ගොනුව විවෘත වීම
Ctrl + Alt + Delete හෝ Ctrl + Alt + ඉලක්කම් පුවරුවෙ Del : කාර්ය්‍ය කලමනාකරණ වින්ඩෝව
Ctrl + Shift + Escape (2000/XP ) හෝ (Ctrl + Alt + ඉලක්කම් පුවරුවෙ තිත) : කාර්ය්‍ය කලමනාකරණ වින්ඩෝව ( සම්ප්‍රදායික )
Print screen : තිරයේ කොපියක් ගෑනිම
Alt + Print screen : දෑනට ක්‍රියාත්මක තිරයේ කොපියක් ගෑනිම.
Ctrl + Alt + පහල ඊතලය : පරිගණක තිරය යටිකුරු කිරිම
Ctrl + Alt + ඉහල ඊතලය : පරිගණක තිරය නෑවත උඩුකුරු කිරිම
Win + B : ඉලක්කය අයිතම වෙත ගෑනීම

සාමන්‍ය ශොර්ට්කට්ස්

Ctrl + C හෝ Ctrl + Insert - කොපි කිරිම
Ctrl + X හෝ Shift + Delete : කපා දෑමීම
Ctrl + V හෝ Shift + Insert : ඈලවීම
Ctrl + N : අලුත් ගොනුවක් විවෘත කර ගෑනීම
Ctrl + S : සුරෑකීම
Ctrl + O : විවෘත කිරිම
Ctrl + P : මුද්‍රණය කිරීම
Ctrl + Z : නෑවත ස්තාපනය
Ctrl + A : සියල්ලම එකතු කිරිම
Ctrl + F : සෙවීම
Ctrl + W : දෑනට බාවිතයේ ඈති වින්ඩෝව වසා දෑමීම
Ctrl + F4 : සිමිත වෑඩසටහන් වසා දෑමීම
F1 : උපකාරක සේවා
F11 : සම්පූර්න වින්ඩෝව සක්‍රීය කිරිම
Alt හෝ F10 : මෙනු ක්‍රියාත්මක කිරිම
Alt + Space : පද්දති මෙනු විවෘත කිරිම
Escape : ක්‍රියාත්මක වින්ඩෝව වසා දෑමීම

සාමන්‍ය පරිපාලන

Tab - අයිතම ඉදිරියට යෑවීම
Shift + Tab : අයිතම පසුපසට යෑවීම
Enter : තේරිම
Space : තහවුරු කිරිම
Alt + (Letter) : අනුරූප සෙවිම
Ctrl + Left : පසුපස වචනයට මූසික ඉර ගෙන යාම
Ctrl + Right: ඊලග වචනයට මූසික ඉර ගෙන යාම
Ctrl + Up : පසුපස ඡේදයට මූසිකය ගෙන යාම
Ctrl + Down : ඉදිරි ඡේදයට මූසිකය ගෙන යාම
Shift + Left : වමේ සිට වචන ඉස්මතු කර පෙන්වීම
Shift + Right : දකුනු පෑත්තට ඈති වචන ඉස්මතු කර පෙන්විම
Shift + Up : දෑනට ක්‍රියාත්මක වචනය ඉස්මතු කිරිම
Shift + Down : මුසීක ඉරට යටින් ඈති වචනය ඉස්මතු කිරිම
Ctrl + Shift + Left : වම් පෑත්තට ඈති වචන ඉස්මතු කිරිම
Ctrl + Shift + Right : ඊලග වචනය ඉස්මතු කිරිම
Ctrl + Shift + Up : පසුපස ඡේදය ඉස්මතු කිරීම
Ctrl + Shift + Down : ඊලග ඡේදය ඉස්මතු කිරීම
Home : මුසීක ඊතලය පිටුවෙ ඉහලට ගමන් කිරිම
End : මුසීක ඊතලය පිටුවෙ පහලට ගමන් කිරිම

ගොනු ගවේශනය

Arrow Keys - පෙන්විම
Shift + Arrow Keys : විවිද දෑ එකතු කිරිම
Ctrl + Arrow Keys : ඉලක්කය වෙනස් කිරිම
(Letter): මුල් වචනය එකතු කිරිම
BackSpace : මකා දෑමීම
Alt + Left : නෑවත පෙර ගොනුවට
Alt + Right: නෑවත ඉදිරි ගොනුවට
Enter : ක්‍රියාත්මක කිරිම
Alt + Enter : ක්‍රියාත්මක අයිතමයේ ගුණ බෑලිම
F2 : ක්‍රියාත්මක අයිතමයේ නම වෙනස් කිරිම
Ctrl + ඉලක්කම් පුවරුවෙ Plus : සවිස්තරාත්මක ගුණ බෑලිමට
Delete : මකා දෑමීම
Shift + Delete: මකා දෑමීම ( අතුරු ක්‍රමය )
තල්ලු කරමින් Ctrl එබීම : කොපි කිරිම
Ctrl + Shift තල්ලු කරමින් : කෙටි යතුරු නිර්මාණය
Left : මවු ගොනුව.
Right : උප ගොනුව
ඉලක්කම් පුවරුවෙ තරු සලකුණ : සියලු ගොනු පෙන්විම
ඉලක්කම් පුවරුවෙ ධන සලකුණ : සියලු ගොනු විහිදීම
ඉලක්කම් පුවරුවෙ ඍණ සලකුණ : සියලු ගොනු හෑකිලිම

උපකාරක

දකුණු Shift බොත්තම තත්පර - පෙරන යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
වම් Alt + වම්Shift + PrintScreen : ප්‍රබේදය සක්‍රීයනය හා වසා දෑමීම
වම් Alt + වම් Shift + NumLock : මූසික යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
තත්පර 5 ක් NumLock : ටූගල් යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
5 සෑරයක් Shift : නිතර බාවිතා නොවන  යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
Win + L : ලොගය වෑසීම
Win + P : මුද්‍රණ කලමනාකරණය
Win + C : පාලක පෑනලය
Win + V : සවිපුවරුව
Win + K : යතුරු පුවරු ගුණ
Win + I : මූසික ගුණ
Win + A : උපකාරක සේවා ගුණ
Win + Space : මයික්‍රොසොෆ්ට් බුද්ධි යතුරු
Win + S : CapsLock සක්‍රීයනය හා වසා දෑමීම

දුරස්ථ ලියනමේස සබදතා උපකාරක

Ctrl + Alt + End - ආරක්ෂක ගොනුව
Alt + PageUp : ක්‍රමලේඛණ
Alt + PageDown : ක්‍රමලේඛණ ආපසු
Alt + Insert : ක්‍රමලේඛණ වෑඩිපුර බාවිතා කල පිලිවෙලට සෑකසීම
Alt + Home : ආරම්භක මෙනුව
Ctrl + Alt + Break : ක්‍රමලේඛණ විහිදුම
Alt + Delete : වින්ඩෝස් මෙනු
Ctrl + Alt + : ඉලක්කම් පුවරුවෙ ඍණ ලකුණ : ක්ෂණික තිර කොපි කිරිම
Ctrl + Alt + : ඉලක්කම් පුවරුවෙ ධන ලකුණ : ක්ෂණික තිර කොපි කිරිම  සක්‍රීයනය

මොසිල්ලා ගිනිනරියා ශොර්ට්කට්ස්

Ctrl + Tab හෝ Ctrl + PageDown - ටෑබ් අතර සෑරිසෑරීමට
Ctrl + Shift + Tab හෝ Ctrl + PageUp : ආපසු අතට ටෑබ් අතර සෑරිසෑරීමට
Ctrl + (1-9) : ටෑබ් ඉලක්කම් පිලිවෙලට සෑකසීම
Ctrl + N : නව වින්ඩෝව
Ctrl + T : නව ටෑබය
Ctrl + L හෝ Alt + D හෝ F6 : location bar වෙත පිවිසුම
Ctrl + Enter : ඉස්තානය නව ටෑබයකින් සක්‍රීයනය
Shift + Enter : ඉස්තානය නව වින්ඩෝවකින් සක්‍රීයනය
Ctrl + K හෝ Ctrl + E : සෙවුම් භාරය
Ctrl + O : ගොනු විවෘතය
Ctrl + W : ටෑබය වසා දෑමීම
Ctrl + Shift + W : වින්ඩෝව වසා දෑමීම
Ctrl + S : සුරෑකීම
Ctrl + P : මුද්‍රන පිටුව
Ctrl + F හෝ F3 : සෙවුම් භාරය
Ctrl + G හෝ F3 : සොයන්න
Ctrl + Shift + G හෝ Shift + F3 : කලින් දෙයක් සොයන්න
Ctrl + B හෝ Ctrl + I : Bookmarks සක්‍රීයනය
Ctrl + H : අතිත ගොනු
Escape : ලෝඩ් වීම නෑවතීම
Ctrl + R හෝ F5 : නෑවත ලෝඩ් වීම
Ctrl + Shift + R හෝ Ctrl + F5 : සක්‍රීය පිටුව නෑවත ලෝඩ් වීම
Ctrl + U : පිටු මූලාශ්‍ර
Ctrl + D : මතකතබා ගෑනීම
Ctrl + ඉලක්කම් පුවරුවේ ධන ලකුණ හෝ Ctrl + සමාන ලකුණ (+/=) : අකුරුවල ප්‍රමානය වෑඩි කිරීම
Ctrl + ඉලක්කම් පුවරුවේ ඍණ ලකුණ හෝ  Ctrl + ඍණ : අකුරුවල ප්‍රමානය අඩු කිරීම
Ctrl + ඉලක්කම් පුවරුවේ 0 or Ctrl + 0 : සාමාන්‍ය අකුරු ප්‍රමානය
Alt + Left or Backspace: Back.
Alt + Right හෝ Shift + Backspace : ඉදිරියට
Alt + Home : මුල් පිටුව
Ctrl + M : නව පණිවිඩ සක්‍රීයනය
Ctrl + J : භාගත වින්ඩෝව
F6 : ඊලග රාමුව
Shift + F6 : පසුපස රාමුව
Apostrophe (') : Link සොයන්න
Slash (/) : අකුරු සොයන්න

ජී මේල් ශොර්ට්කට්ස්

C - නව පණිවිඩයක් ලියන්න
Shift + C : නව වින්ඩෝවකින් නව පණිවිඩයක් ලියන්න
Slash (/) : සෙවුම් භාරය
K : නව පණිවිඩ වෙත ඉලක්කය ගෑනීම
J : පරණ පණිවිඩ වෙත ඉලක්කය ගෑනීම
N : ඊලග පණිවිඩය
P : පසුපස පණිවිඩය
U : පණිවිඩ පිටුව
Inbox : පණිවිඩ පිටුව
X :  පණිවිඩ තහවුරු කරන්න
S : පණිවිඩ සක්‍රීයනය
R : පිළිතුරු ලියන්න
A : සියලු දෙනාට පිළිතුරු ලියන්න
F : නෑවත පණිවිඩය යවන්න
Shift + R : නව වින්ඩෝවකින් පිළිතුරු පණිවිඩය යවන්න
Shift + A: සියලු දෙනාට නව වින්ඩෝවකින් පිළිතුරු පණිවිඩය යවන්න
Shift + F: නව වින්ඩෝවකින් නෑවත පණිවිඩය යවන්න
Shift + 1 (!) : සලකුණු කරන්න
G ඊලගට I :  "Inbox" බලන්න
G ඊලගට S : "Starred" බලන්න
G ඊලගට A : "All Mail" බලන්න
G ඊලගට C : "Contacts" බලන්න
G ඊලගට S : "Drafts" බලන්න

F1-F9 දක්වා

F1 / දකුණු ඊතලය - නෑවත නෑවත පෙන්වීම
F2 : "enter the char to copy up to" යන වින්ඩෝව පෙන්වීම
F3 : නෑවත විදාන පෙන්වීම
F4 : "enter the char to delete up to" යන වින්ඩෝව පෙන්වීම
F5 : නෑවත පෙර විදාන පෙන්වීම
F6 : සාම්ප්‍රදායික CTRL+Z (^z)
F7 : විදාන ඉතිහාසය මෙනුව
F8 : විදාන සමග  සෑරිසරන්න
F9 : විදාන ඉලක්කම්
Esc: මකන්න

සෑලකිය යුතුයි - මෙහි දක්වා ඈති සියලු ශොර්ට්කට්ස් සියලුම පරිගණක වල ක්‍රියාත්මක නොවේ. එය ඔබගේ පරිගණකය මත රදා පවති.

Wednesday, November 3, 2010

JAVA in Sinhala

http://javaxclass.blogspot.com/

How to Crack any version of Internet Download Manager

How to Crack any version of Internet Download Manager (IDM) ?

0
0
 
i
 Quantcast
IDM - cracked
Let’s Crack Internet Download Manager
Internet Download Manager(IDM) is a leading web download accelerator among web users, but the only problem is IDM isn’t a free software. so we have to use trial versions. But There is a method to use IDM for free !!
  1. First of all you have to download, BRD – IDM Cracker from here.
  2. And now launch it, (Don’t matter if IDM is already running)
  3. And now enter your name and click on “Register”
  4. Now run IDM, yeah it just cracked !!
  • And I have to remember, sometimes(after 2-3 months from this registration) IDM checks your registration and it may give you a message as it is a fake serial. But don’t matter, just follow steps above another time. :D
And Now IDM team has released the latest version Beta for free download. Download it and follow above steps for out freedom !!!
Download Links
BRD – IDM Cracker
IDM 6.0 beta

EBOOKS Downloading sites

http://chathuranuwan.blogspot.com/2010/10/ebook-site.html

Tuesday, November 2, 2010

Google Maps එක්ක පොඩි පොඩි වැඩ.

හරි මාතෘකාවට බහිමු , google maps එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා. අපේ බ්ලොග් පෝස්ට් එකකට / වෙබ් අඩවියක ස්තානයක් ගැන එහෙම විස්තර කරගන්න ඕන උනොත් google maps පාවිච්චි කරන්න පුළුවන්. මේකට google maps API කිහිපයක්ම තිබෙනවා අපේ අවශ්‍යතාවය අනුව එකක් තෝරාගන්න පුළුවනි. මේක image එකක් විදියට විතරක් දානවා නම් Google Static Maps API එකෙන් මේ විදියට ලේසියෙන්ම කරන්න පුළුවන්.
උ‍දා:- කොළඹ නගරය මැප් එකක ලකුණු කරලා පෙන්වන්න ඕන කියලා හිතමු. කරන්න තියෙන්නෙ img tag එකක් ලියන්නයි.
<img src="http://maps.google.com/maps/api/staticmap?center=colombo,sri+lanka&amp;zoom=14&amp;size=400x400&amp;sensor=false" alt="" />
ඔය center කියන එකෙන් අපිට පෙන්වන්න ඕන ස්තානයත්, size කියන එකෙන් image එකේ දිග පළලත්, zoom කියන එකෙන් විශාලයත් දැක්වෙනවා. sensor කියන එකනම් අපේ වැඩේට අදාල නැති එකක්. (device එකකින් location එකක් ගන්නවා නම් මේක true කරන්න ඕන කියල තමයි මම අහල තියෙන්නෙ.)
මේක හරියට කලොත් මේවගේ එකක් ඒවි

හරි දැන් ටිකක් සංකීර්ණ එකක් කරමු. Google Maps JavaScript API V3 එක්ක javascript වලින්.  මේ ක්‍රමයේදි address එකක් දෙනවට වැඩිය අක්ෂාංශ දේශාංශ පාවිච්චි කරනවා නම් ලේසියි. (address එකක්ම mark කරන්න ඕන නම් Geocoding API එක පාවිච්චි කරන්න වේවි. ) මෙන්න උදාහරණයක්.

<div id="map_canvas" style="width:500px; height:500px;"></div>


<script type="text/javascript"

src="http://maps.google.com/maps/api/js?sensor=false">

</script>

<script type="text/javascript">

window.onload=initialize;

function initialize() {

var latlng = new google.maps.LatLng(6.929068172376261, 79.84820365905762);
var myOptions = {
zoom: 8,
center: latlng,
mapTypeId: google.maps.MapTypeId.ROADMAP
};
var map = new google.maps.Map(document.getElementById("map_canvas"),
myOptions);
}
</script>
වැඩේ හරි නම් මේ විදියට පෙනේවි.(wordpress කාරයා මගේ javascript code එක කමෙන්ට් කරන නිසා මේක වෙන තැනක දැම්මේ.)
පොඩි පොඩි සළකුණු හෙම දාලා මැප් එකේ මාක් කරන්න ඕන නම් Overlays කියලා තියෙන ටික බලන්න. Events මඟින් අපිට මැප් එකේ එක ක්ලික් කලාම message box එකක් වගේ එන්න හදන්න පුළුවනි. උත්සහ කරලා බලන්න

Monday, November 1, 2010

අන්‌දරේ‍ගෙ......කියුම්‌ ‍කෙරුම්



අන්දරේ, රජතුමා සහ වම්බටු

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ කීය. දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය. තුඃ නොදකින් ජරා කෑම, රජතුමා කීය. අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය. ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය. සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.
“මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ”


දෙන්නම බීරි

දවසක් රජබිසව අන්දරේට කියනවා “ අන්දරේ උඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේ මායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?”
එතකොට අන්දරේ
“දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්”

“ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො”

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
“උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ”
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
“හා..............කොහෝ.........මද...........සැප......සා........නී.........ප” යැයි සද්දෙන් ඇහුවා.

“හා..............නේ...................දෙයියෝ........................බුදු වන්ට.....වරදක්...........නෑ.............................”

කන් ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටික සද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා. රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්න බැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව. ලජ්ජාවට පත්වුණු බිසවුන් වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන් බැණ බැණ ගෙදරගියා.

පස්සෙ රාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කල නිසා කීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොද උපායක් කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත් ගේපිටිපස්සෙ තියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙ අන්‍දරේ ලිඳට පැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ ‍ගෙට පැනලා දොර වහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.


කුමරියගෙ ලස්සන

දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන

මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

“අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”

“මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව”

කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

රං රං කලේ දිය උකුලේ තබා ගෙන
රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
මල්මද බිසව කොහි යනවද උදෑ සන


මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......


අන්දරේ කිව් කවියක්

රූමත් ස්ත්‍රියක් දිය නාන ස්ථානයකින් යන අන්දරේ ඇය දෙස බලා මේ කවිය කීය.

හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මා‍ගේ කිපුනු මද
නරකද මාත් නා‍ගත්තොත් එකට හිද


ගොනාවගේ ඉදින්......

අන්දරේගෙ ගෙදර දවසක් මංගල උත්සවයක් තිබුණා. අන්දරේ ටිකක් නාහෙට අහන්නැති මනුස්සයනෙ. ඉතිං අන්දරේගෙ අම්මා මොකද කරන්නෙ එදා උදේ අන්දරේට කතා කරලා “පුතේ වෙනද වගේ දග කරන්නැතිව අද ගොනා වගේ ඉන්ට ඕන හරිද” කියලා කිව්වා. අන්දරෙත් “හොදයි අම්මෙ මම අම්මා කිව් විධිහට ඉන්නම්” කියලා අම්මගෙ අවවාදෙ පිළිගත්තා. ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ උත්සවයට ‍ගමේ මිනිස්සු නෑ හිත මිතුරන් එහෙම ගෙදරට ආවයි කියමුකො. අන්දරේ මොකද කරන්නෙ හතරපයින් ගේ හැමතැනම දුවනවා තප්පුලනවා ඒ විතරක් නම් මැදෑ ඉන්න මිනිස්සුන්ටත් ඔළුවෙන් අනිනවා. මේක දැක්ක අන්දරේගෙ අම්මා හරි අපහසුතාවයකට තමයි පත්වුනෙ.

“මෙහෙ වර මම කිවුවා නේද උඹට දග නරන්නැතුව ඉන්න කියලා ඇයි පුතේ අපට මෙහෙම වද දෙන්නෙ”
කියලා අම්මා අන්දරේට පොඩි සද්දයක් දැම්මා.

අන්දරෙත් අතෑරියෙ නෑ
“ඇයි අම්මෙ අම්මමනෙ මට ගොනා වගේ ඉන්ට කිව්වෙ ඉතිං ගොනා ඉන්නෙ එහෙමනෙ අම්මෙ”

“හා එහෙමද ‍එහෙනම් මේ ගොනා බැදපියව්”
කියලා අන්දරේගෙ අම්මා කිව්වා.


ලොකුම බොරුව

අන්දරේගෙ කාලෙ හිටපු රජතුමාත් අන්දරේ වගේම තමයි. එතුමා විහිළු තහළු වලට බොහොම මනාපයි.
ඉතිං දවසක්දා අමාත්‍ය මණ්ඩලය රැස් වුන වෙලාවක රජතුමා කියනවා "හෙට හැමදෙනාම එක බොරුව බැගින් කියන්ට වුවමනායි, ලොකුම බොරුව කිව් තැනත්තාට වටිනා ත්‍යාගයක් දෙනවා" කියලා. මේ වෙලාවෙ අන්දරේ රාජ සභාවෙ හිටියෙ නෑ. ඉතිං අමාත්‍යවරුටික ගෙදර ගෙහුං මොකද කරන්නෙ තෑග්ග ගන්ට හිතාන රෑ නිදිවරාණ රටේ ලෝකෙ නැති ‍බොරු ‍‍‍බේගල් කල්පනා කොරා. ඒ අතින් ඉස්සර හිටපු ඇත්තො අනේ වාසනාවන්. බොරුවක් කියාගන්ට ‍බොහෝම දුක් විදලා තියනවා. ඒකටත් එක්ක දැං ඉන්න අය. ඕං ඉතිං කතාවෙන් පිට පැන්නා. ඉතිං කොහොම හරි පහුවදා රාජ සභාව රැස්වුනා කියමුකො‍. අන්දරෙත් ආවා. පස්සෙ ඉතිං මේ ඇමතිවරු ටික රාජ නියෝගය පරිදි ‍නමෝවිත්තියෙන් බොරු කීම ආරම්භකලා. අන්දරෙත් මොකද කරන්නෙ මේ ගල් පැලෙන බොරු අහගෙන හිනහ වෙවී හිටියා. කට්ටියම බොරු කියලා අහවර වුනාට පස්සේ අන්දරේ රජතුමා ලගට ගෙහුං වැද “දේවයන්වහන්ස මටත් යමක් කීමට අවසරදැයි” අසා සිටියා.
“ඔව් ‍තොපටත් යමක් ඇත්නම් කියවැයි” රජතුමා පිළිතුරු දුන්නා.
පස්සෙ අන්දරේ එවෙලේම ගොතාගත් කවියකින් මෙහෙම දෙයක් කිව්වා.

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

අන්දරේ මෙය කියා අවසන් වනවත් එක්කම මුළු රාජ සභාවම කලබල තත්වයක‍ට පත්වුනා. රජතුමා ඇතුළු තමනුත් ගොන් රැලක් යැයි පැවසූ අන්දරේ රාජ උදහසට ලක් වියයුතු බව රජු හැර අනෙක් සියළුදෙනා ඒකමතිකව තීරණය කලා. ඒත් රජතුමා මහ හඩින් හිනාවෙලා
“අන්න හරි අන්දරේටයි තෑග්ග. මේ තරම් විශාල බොරුවක් කව්රුත් කිව්වෙ නැහැ. මගේ රාජ සභාවෙහි සිටින්නේ ගොන් රැලක් වගද මමද නින්දිත කැත අධමයෙක් යයි කීම අදහාගත නොහැකි බොරුවක්” යැයි කීයා අන්දරේට තෑග්ග බාර දුන්නා.

අන්‌දරේ ගැන එච්.එ.එස්.පෙරේරා මහතා ලියූ කවි

1964 දි පමණ “අන්‌දරේ‍ගේ විහිළු” නමින්‌ පොතක්‌ ලියා ඇති එච්‌.එ.එස්‌.පෙරේරා මහතා එහි හැඳින්වීම සඳහා ලියා ඇති පද්‍ය කිහිපයකි මේ.

මව ඉදිරියේ උනිලු දවසක්‌ ගො‍නෙකු ලෙස
දිය යට සිටද කවි කී‍වෙලු විකට රස
මහරජ කෙනෙකු හට පද්‌දදා නමැති බස
කාහට කිව හැකිද මේ අන්‌ද‍රෙට මිස

ඉබ්‌බකු ‍ලෙසය මහරජ මට නම්‌ පෙනුනේ
යනු‍වෙන්‌ රජුට ඉබ්‌බා යයි නම තැනුනේ
කරවිල කොහොඹ ‍මෙනි යන උපමා වැනුනේ
මොහු‍ගෙන්‌ ‍ලෙසයි අද අප කාටත්‌ පෙනුනේ

අමුඩය නොගහ බැරිබව වී වපුරන්‌ට
කී‍වෙලු කවියකින්‌ අන්‌ද‍රෙ ගැහැණුන්‌ට
වෙල්‌එලියක පලා ‍නෙලමින්‌ සිටිඋන්‌ට
අන්‌ද‍රෙ අඬ ගැසූ‍වෙලු පනනට ගන්‌ට

මහ රජ තුමාගේ පොල්‌පැල බැලුව හැටී
රජ බිස කෑගැස්‌සූ පිළි‍වෙල බොහොම වටී
කෑහැටි සීනි පස්‌ කියමින්‌ මිඳු‍ලෙ වැටී
සිහිකර වඟුරුවති ‍හෙල දන සිනහ කැටී

රජවාසලට ‍ගෙන්වූ හැටි හල්‌ පිට්‌ටූ
ඇඬු හැටි කදුරුගෙඩි යුවලට වී කිට්‌ටූ
අදිකාරම්‌‍ගෙ නිදිමත කල හැටි මට්‌ටූ
අද දක්‌වා සිනාසේ සිහිකර රට්‌ටූ

ලොට තන ‍දකෙත්‌ ‍ගෙරි සමකින්‌ වසාගෙන
යනු‍වෙන්‌ කවිකියූ හැටි ඔබ හිනා යන
මංගල දින‍යෙ මනමාලිය බලාගෙන
හරි ලස්සනයි කවි කියු හැටි එදා දින

පුදුමයි සාක්‌කිය කීහැටි දෙපැත්‌තට
පැටවූ හැටි හො‍ඳට කජුමුල්‌ කරත්‌‍තෙට
ගැහැණුන්‌ අල්‌ලමින්‌ ඔසරිය ඉවත්‌කොට
තනමැන ගත්‌ දිනය සිහි‍වෙයි අදත්‌ මට

හෝදිසියක්‌ මය රජුගේ ඔළුව උඩ
මියුරැ විදිය කිය විය යුතු සිනහ මැඬ
නොදිවිමි ජම්‌බු යනු‍වෙන්‌ දිවුරුමේ හැඩ
සිහිකර සිනාසෙමු මේ ඉල කැඩෙන වැඩ

මහ සමුදුරේ පිහිනා ජය ලැබීමට
බලවන්‌තයකු සමඟින්‌ පොර බැදීමට
රත්‌කල අඟුරැ කොකු සඟනට පිදීමට
අන්‌දරෙ බොහොම සමතෙකු බව පෙනේ මට

දොර වැසු විදිය සිය බිරිඳව දොට්‌ට දමා
දමාකෑහැටි මිරිස්‌ මාළුව ‍නෙත්‌ කඳුළු තෙමා
ඔක්‌කොම කිකිළියෝ කුකුළා මමම තමා
කීහැටි සිනාසෙන්නට හොඳ කරැණු තමා

බිසවුන් හට කලත් කවියෙන් අපහාස
කිසිදින ලැබුවෙ නැහැ මහ රජු‍ගෙන්‌ දෝස
මහ රජු හට පවා කිචි කිචි උපහාස
සිහිකර සිනාසෙති ‍පෙරලා පුටු මේස