Thursday, November 4, 2010

ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු


ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු - 01

කොහොමද ඔයාලට?අද මම ලියන්න හිතුවෙ ඔයගොල්ලෝ ගොඩක් දෙනා පාවිච්චි කරන දෙයක් ගැන.ඒ තමයි ගූග්ල් ඇනලයිටික්ස්.මේක ගොඩක් අය පාවිච්චි කරාට මේකෙ වැඩ ගැන දන්න අය ඉන්නේ බොහොම ටිකයි.මේක පාවිච්චි කරල අපට අපේ බ්ලොග් එකට හරි වෙබ්සයිට් එකට හරි එන අය ගැන ගොඩක් දේවල් අපට බලාගන්න පුලුවන්.ඇත්තම කිව්වොත් මේකෙන් අපට අපෙ වෙබ්සයිට් එකට එන අයගේ IP-Address, Browser, Operating System, Connection Speed, ISP, Connection Type, Screen Resolution,Java Support, Flash Support,Physical Location වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.මේ සඳහා ඔබ මුලින්ම ගූග්ල් ඇනලයිටික්ස් වල රෙජිස්ටර් වෙන්න ඕන.ඒ සඳහා ඔබගේ G-mail Username,Password භාවිතා කරන්න පුලුවන්.දැන් මේ පින්තූරවල තියෙන විදියට ඔබගේ අඩවියත් එක් කරන්න.(තාම ජීමේල් වල රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතනින් රෙජිස්ටර් වෙන්න)(පින්තූර අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)


ඉස්සෙල්ලම Add Website Profile ක්ලික් කරන්න

දැන් ඔබගේ අඩවියේ URL එක සහ ඔබගේ රට තෝරා දෙන්න


දැන් මේ කෝඩ් එක කොපි කරගන්න



දැන් ඔබට මේ ලැබෙන කෝඩ් එක ඔබගෙ අඩවියට ඇතුලත් කරගන්න ඕන.ඒ සඳහා ඔබගේ අඩවියේ HTML කෝඩ් එඩිටරය වෙත පිවිස </head> කියන කෝඩ් කෑල්ල හොයාගන්න (මේ සඳහා Ctrl + F යොදාගන්න පුලුවන් )දැන් ඒ කෝඩ් එකට උඩින් ඔබට ඇනලයිටික්ස් වලින් ලැබුනු කෝඩ් එක පේස්ට් කරගන්න.දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න.



ඊලඟට ඇනලයිටික්ස් වලට ගිහිල්ලා කෝඩ් එකට යටින් තියෙන Save and Finish බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒකෙ ඩෑශ්බෝඩ් එකට ඔබව රීඩිරෙක්ට් වෙයි.ඒකෙ මෙන්න මෙහෙම ඇති.




මේකේ තියෙන මේ සලකුනෙන් (Amazing Sign) කියවෙන්නේ තාම කෝඩ් එක ඇතුලත් කරලා නෑ කියලයි.ඒකට බයවෙන්න එපා. සාමාන්‍යයෙන් කෝඩ් එක ඇතුලත් කරලයි කියල දැනගන්න ගූග්ල්ලට පැය 24 විතර යනවා.ඊට පස්සේ ඒ සලකුන කොලපාට හරියකට හැරේවි.මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.අදට යනවා.ප්‍රශ්නයක් තිබුනොත් කමෙන්ට් කරන්න බයවෙන්න එපා.

 

ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු - 02

මේක කියවන්න ඉස්සරවෙලා පලවෙනි ලිපිය මෙතනින් කියවල ඉන්න.


ඔන්න දැන් ඇනලයිටික්ස් වල කෝඩ් එක දාගත්ත අයගෙන් ගොඩක් දෙනාගේ ඩෑශ්බෝඩ් එකේ කොලපාට හරියක් ඇති.(මෙන්න මේ වගේ  )ඒ කියන්නේ කෝඩ් එක හරියට අපේ බ්ලොග් එකට ඇතුලත් වෙලා කියන එකයි.දැන් තියෙන්නේ විස්තර බලාගන්න.මේකේ ඔයාගේ සයිට් නේම් එකට ඉස්සරහින් තියෙන View Stats කියල ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකේ විස්තර බලාගන්න.ඔය උඩින්ම තියෙන වගුවෙන් පෙන්නන්නේ සයිට් එකට ආව කට්ටිය.ඕනනම් මේ වගුවෙන් පෙන්නන දේ වෙනස් කරන්න පුලුවන් වගුවේ වම් පැත්තෙ උඩ තියෙන මෙනු එක පාවිච්චි කරලා.ඊට යටින් තියෙන සයිට් යූසේජ් කියන එකේ තියෙන දේවල තේරුම් මෙන්න මෙහෙමයි.

1) Visits ආව කට්ටිය

2) PageViews - ඒගොල්ලෝ බැලුව පේජස් ගාන

3) Pages/Visit - Visits, Pageviews වලින් බෙදුවාම එන ගාන (ඒ කියන්නේ එක විසිටර් කෙනෙක් බලපු පේජස් ගාන)

4) Bounce Rate - අපේ සයිට් එකට ඇවිල්ල අපේ සයිට් එක හරහා වෙන සයිට් වලට යන කට්ටිය (මේක ගනනය කරන්නේ මෙහෙමයි Bounce Rate = Total Number of Visits Viewing Only One Page / Total Number of Visits )

5) Avg. Time on Site - අපේ සයිට් එකට එන කට්ටිය සයිට් එකේ ඉන්න වෙලාව.

6) New Visits - අලුත් විසිටර්ස්ලා ගාන



ඊට ටිකක් යටින් ඇති Traffic Sources Overview කියල එකක්.ඒකෙ තියෙන ඒව මෙන්න මෙහෙමයි,
Referring Sites කියන්නේ වෙන සයිට් එකක තියෙන ලින්ක් එකක් ක්ලික් කරලා අපේ සයිට් එකට ආව ප්‍රතිශතය.
Direct Traffic කියන්නේ කෙලින්ම අපේ වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරලා අපේ සයිට් එකට ආව ප්‍රතිශතය.
Other කියන්නේ වෙනත් ක්‍රමවලින් අපේ සයිට් එකට ආව කට්ටිය.


දැන් අපි බලමු මේකෙ වම් පැත්තේ මෙනු එකේ තියෙන කියන එක.ගූග්ල් Intelligence කියන්නේ ගූග්ල්ලා ඇනලයිටික්ස් වලට දාපු අලුත්ම තාක්ෂනය.මේකෙන් කෙරෙන්නේ අපේ එක් එක් දිනවල ලැබුනු දත්ත සන්සන්දනය කරල යම්කිසි වෙනස්වීමක් (උදා:-විසිටර්ස්ලාගේ හදිසි අඩුවීමක්) දක්නට ලැබුනොත් ඒ බව අපට දන්වන එකයි.

දැන් අපි බලමු විසිටර්ස් කියන එක. මේකෙන් අපට බලන්න පුලුවන් අපේ සයිට් එකට ආපු අයගේ විස්තර.මේකෙ තියෙන එක එක ඒවයින් කෙරෙන්නේ මෙන්න මේවයි.

1) Overview :-මෙකේ අපට වැඩිපුරම අවශ්‍ය වන විස්තර ගෙන සාදා ඇත.

2) Map Overlay :-මෙකේ අපට බලන්න පුලුවන් අපේ විසිටර්ස් ලගේ Physical Location එක.

3) New vs. Returning :-මේකෙන් පෙන්වන්නේ අපෙ සයිට් එකට ආපු අලුත් අයයි පරන අයයි අතර සන්සන්දනයක්.

4) Languages :-මේකෙ අපට බලන්න පුලුවන් අපෙ සයිට් එකට ආපු අයගේ කීබෝඩ් ලේඅවුට් එක ගැන

5) Visitor Trending :-මේකෙ පෙන්වන්නේ විසිටර්ස් ලගේ ක්‍රියාකාරකම්

6) Visitor Loyality :-මේකෙන් අපට බලාගන්න පුලුවන් විසිටර්ස්ලා අපෙ සයිට් එකේ හිටපු වෙලාවන් අතර සන්සන්දනයක්

7) Browser Capabilities :-මේකෙන් අපට බලාගන්න පුලුවන් විසිටර්ස්ලගේ Web Brower වල විස්තර

8) Network Properties :-මේකෙන් අපට බලාගන්න පුලුවන් අපේ විසිටර්ස්ලගේ නෙට්වර්ක් කනෙක්ෂන් ගැන විස්තර.

9) Mobile :-මේකෙන් බලාගන්න පුලුවන් අපෙ සයිට් එකේ මොබයිල් බ්‍රවුසින් ගැන.

User Defined, Custom Variables කියන දෙකනම් අපට එච්චර වැදගත් වෙන්නේ නෑ.

ගූග්ල් ඇනලයිටික්ස් එක්ක වැඩ කරමු - 03

කොහොමද කස්ටියට?ඔන්න මම අද ආවේ ඇනලයිටික්ස් වල ඊළඟ කොටස ගැන පොඩි විස්තරයක් දාන්න.අපි අද බලමු මේකෙ  කියන කොටස ගැන.මේකෙ තියෙන සබ්ටොපික්ස් වල විස්තර මෙන්න මෙහෙමයි.

Overview :- මේක අපට අවශ්‍යම වන විස්තර අරගෙන හදල තියෙනවා.

Direct Traffic :- මෙකෙන් කියවෙන්නේ අපේ සයිට් එකට කෙලින්ම ආපු අයගේ විස්තර මෙකේ තියෙන වගුවේ  මෙනු එකෙන් අපට පුලුවන් අපෙ Direct Traffic වල විස්තර බලාගන්න.

Referring Sites :- මෙකෙන් අපට පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවන වෙනත් සයිට්ස් බලාගන්න.



Search Engines :- මෙතනින් පෙන්වන්නේ අපේ සයිට් එකට ට්‍රැෆික් එවපු සර්ච් එන්ජින්ස්.මෙකෙ ෆිල්ටර් එක විදියට කීවර්ඩ්ස් තේරුවම අපිට බලාගන්න පුලුවන් ඒගොල්ලෝ අපෙ සයිට් එකට එන්න භාවිතා කරපු කීවර්ඩ්ස් මොනවද කියල.

All Traffic Sources :- මෙකෙන් පෙනවන්නේ Direct Traffic, Referring Sites සහ Search Engines කියන තුනම එකතු කරලා හදපු විස්තර.



Adwords Campaigns, Keyword Campaigns, TV Campaigns :- මේව අපට ප්‍රයෝජනවත් වෙන්නේ අපි ගූග්ල් ඇඩ්වර්ඩ්ස් භාවිතා කරලා ගූග්ල් එකේ ඇඩ්ස් දැම්මොත් විතරයි.ඒක සිංහල බ්ලොග්ස් වලට සාමාන්‍යයෙන් කරන්නේ නැති නිසා ඒක මම දාන්නේ නෑ.

Keywords :- මෙතනින් අපට බලාගන්න පුලුවන් කට්ටිය අපෙ බ්ලොග් එක හොයාගන්න භාවිතා කරන ලද කීඉවර්ඩ්ස් මොනවද කියලා.

Campaigns :- මෙතනින් අපට බලාගන්න පුලුවන් සින්ඩිකේටර්ස් එහෙම කැම්පේන්ස් හරහා අපේ බ්ලොග් එකට එව්ව කට්ටිය.

Ad Versions :- මේකෙන් අපට බලාගන්න පුලුවන් ෆී වෙබ් ඩිරෙක්ටරි වලින් සහ ෆීඩ් බර්නර් වගේ ඒවයින් අපේ බ්ලොග් එකට ආව කට්ටිය ගැන.

No comments:

Post a Comment