Thursday, November 18, 2010

Google Webmaster Tools ගැන


Google Webmaster Central Logo
Google Webmaster Central Logo
වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍රවලට ඇතුල් කිරීම ඒ වෙබ් අඩවියෙහි Traffic වැඩිකරගැනීමට කෙලින්ම බලපානවා. ඒ වගේම SEO (search engine optimization) වැඩිකරගැනීම. එයට මා කලින් කියූ Sitemap එකක් Submit කිරීම වැදගත්. ඒ ලිපිය නොබැලූ කෙනෙක් ඉන්නවානම් මෙම සබැඳිය ක්ලික් කර ගොස් බලන්න. එහි ඉතිරි කොටසත් සමගින් මෙම ලිපිය ඉදිරියට ලියාගෙන යන්නම්. (rofl)

මුලින්ම අප Google Webmaster Central වෙත ගොස් ලියාපදිංචි විය යුතුයි.. මේ පිළිබඳ මා Sitemap එකක් Submit කිරීම ගැන ලියූ ලිපියේ ඇතුලත් කර ඇත. එහිදී සාර්ථක ලෙස වෙබ් අඩවියක් Google Webmaster Central වෙත ඇතුලත්කරගන්නා ආකාරය හා Sitemap එකක් Submit කිරීම ගැන ලියා ඇත.
ඔබේ Google Webmaster Central ප්‍රධාන පිටුව මේ ආකාරයට දිස්වේවි..
Google Webmaster Central Homepage
Homepage
මෙහි දිස්වන්නේ ඔබ දැනට ඇතුලත් කර ඇති වෙබ් අඩවි වේ. නව වෙබ් අඩවියක් ඇතුලත් කරගැනීමට අවශ්‍ය නම් ඉහල ඇති Add a site නම් බොත්තම මගින් කරගත හැක. මේ සඳහා ඔවුන් ලබාදෙන මෙටා ටැග් එක අප වෙබ් අඩවියේ homepage හි ඇතුලත් කල යුතුය. එසේ නැත්නම් ඔවුන් ලබාදෙන html පිටුව අපගේ හොස්ට් එකට අප්ලෝඩ් කල යුතුය. මේ ගැන පෙර ලිපියේ ( Sitemap එකක් Submit කිරීම ලියියෙහි) ඇතුලත් වේ.
Google Webmaster Central Sidebar
Google Webmaster Central Sidebar
දැන් මෙම Google Webmaster Central Homepage එකෙන් අපගේ වෙනස්කම් කිරීමට අවශ්‍ය වෙබ් අඩවිය තෝරාගත යුතුයි. එවිට එම වෙබ් අඩවියට අදාල සැකසුම් වල සාරාංශයක්ද වම්පසින් සයිඩ් බාර් එකේ අනෙකුත් සැකසුම් සඳහා ලින්ක් ද මේ ආකාරයෙන් දක්නට ලැබේ‍.

අප පලමුවෙන්ම පෙර ඇතුල්කල Sitemap එක නිවැරදිව ඇතුලත් වී ඇත්දැයි බලමු‍.

මුලින්ම සයිඩ්බාර් එකෙහි Site Configuration යටතේ ඇති Sitemap යන්න ක්ලික් කරන්න.
ඔබ නිවැරදිව සයිට්මැප් එක ඇතුල් කලේනම් ඉහලින්ම Submitted URLs ලෙස ඔබගේ සයිට්මැප් එකමගින් ඇතුල්වී ඇති ලින්ක් ගනන දැක්වේ. පහලින් sitemap.xml ලෙස අප ඇතුල් කල සයිට්මැප් එකද තවත් FEED ලිපින කිහිපයක්ද සොයාගෙන තිබෙනු දැකිය හැක. sitemap.xml ඉදිරියෙන් √ ලකුණ ඇත්නම් එය නිවැරදිව ඇතුල්වී තිබේ.

FEED ලිපින සයිට්මැප් එකක් සේ ඇතුල් කිරීම

මේ සදහා ඔ‍බේ අඩවියේ ෆීඩ් ලිපින Google Webmaster Central මගින් සොයාගෙන තිබේනම් ඒවා ඉදිරියේ x ලකුන වැටී ඇති ෆීඩ් ලිපින තෝරා පහල ඇති Resubmit බොත්තම යොදාගත හැක. ඔබ බ්ලොගර් බ්ලොගයක් භාවිතා කරනවානම් ලේසියෙන්ම ඔබේ  සයිට්මැප් එක Submit a sitemap ක්ලික් කර rss.xml යනුවෙන් ලබාදීමෙන් ඇතුල්කල හැක. නැතිනම් ඔබ වර්ඩ්ප්‍රෙස් භාවිතාකරනවානම් FEED හි සයිට්මැප් එක සබ්මිට් කිරීමට  Submit a sitemap ක්ලික් කර rssයනුවෙන් ලබාදීමෙන් ඇතුල්කල හැක. (ඔබේ ෆීඩ් ලිපිනය ඇතුලත් කර ගැනීමට අපහසුනම් Your Site on the Web යටතේ ඇති Subscriber Ststs මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්. [පහලින් විස්තර කරන්නම්])
තවද ලබාදුන් සයිට්මැප් වල විස්තර බලාගැනීමට එම සයිට්මැප් මත ක්ලික් කල විට එහි විස්තර දිස්වේ.

Sitelinks ගැන.

සයිට්ලින්ක්ස් කියන්නේ ඔබ ගුගල් සෙවුමක් දැමූ ඔබේ අඩවියේ අභ්‍යන්තර ලින්ක් පහත ආකාරයට සෙවුම් ප්‍රතිථල තුල දැක්වීමයි.
Site Configuration යටතේ ඇති Sitelink යන්න ක්ලික් කරන්න.
Sitelinks
මේ සයිට් ලින්ක් Google Webmaster Central මගින් ස්වයංක්‍රීයවම සොයාගන්නා වෙබ් අඩවියේ අභ්‍යන්තර ලින්ක්/පිටු වල ලිපින වේ. මේවා අපිට ඇතුල්කරන්න බැරිවුනත් අපිට අපේ වෙබ් අඩවියේ අනවශ්‍ය ලින්ක් එකක් මේ විදියට සෙවුම් ප්‍රථිපල වල දිස්වෙනවානම් අපිට පුලුවන් එය මෙතනින් ඉවත් කරන්න. මේ සඳහා ගුගල් යොදාගන්නේ අපි ඉහතදී ඇතුල්කල සයිට්මැප් එකෙහි අඩංගු තොරතුරැ. (මම හිතන/හිතෙන විදියට) අපේ අඩවියේ හොද අභ්‍යන්තර පිටු/ලින්ක් ඇතුලත් වෙලා තියනවානම් මෙතනට අපේ වෙබ් අඩවියෙත් සයිට්ලින්ක් ඇතුලත් වෙනවා.

Site Configuration යටතේ ඇති Settings

මෙතනින් අපේ වෙබ් අඩවිය ඉලක්කකරගෙන තියෙන්නේ කුමන රටද වගේ වෙනස්කම් කරගන්න පුලුවන්.

Your Site on the Web යටතේ ඇති Search queries

මෙයින් අපිට බලාගන්න පුලුවන් අපේ වෙබ් අඩවියේ සෙවුම් ප්‍රථිපල සටහනක්. මෙහි අපිට ලැබුන Impressions ගනන Clicks ගනන වැනි තොරතුරැ ඇතුලත්.

Your Site on the Web යටතේ ඇති Links to your site

මෙයින් දැක්වෙන්නේ අපේ වෙබ් අඩවියට වෙනත් ස්ථානවලින් ඇති ලින්ක් ගනනයි. Page යටතේ වෙබ්අඩවිය/පිටුව දැක්වෙනවා. ඉදිරියේ Links යට‍තේ එයට අදාල ලින්ක් ගනන කොපමනද කියා දැක්වෙනවා. ලින්ක් සියල්ල නැරඹීමට Page යටතේ දැක්වෙන වෙබ් අඩවිය ඉදිරියේ දිස්වන ලින්ක් ගනන මත ක්ලික් කරන්න. එවිට එම වෙබ්අඩවිය/පිටුව අදාල භාහිර ලින්ක් සියල්ල බලාගන්න පුලුවන්.

Your Site on the Web යටතේ ඇති Keywords

මේක තමයි SEO (search engine optimization) වලට වැදගත්ස වෙන දේ. ඒ කියන්නේ අපගේ වෙබ් අඩවිය ගැන යොදාගන්න පුලුවන් වඩාත්ම සුදුසු ප්‍රසිද්ධ Keywords ලබාදෙනවා. Show more keywords ක්ලික් කරලා තවත් ‍ලබාගන්න පුලුවන්‍. ඔබ මේ දිස්වන Keywords දිහා හොඳින් බැලුවොත් පෙනෙයි ඒවාට යොදාගෙන තියෙන්නේ ඔයා ලියපු ලිපි වල මාතෘකා (titile) වලින් වචන,මෙටා ටැග් එකෙන් ගත් කොටස්, වගේ දේවල් වලින් කියලා. සිංහල බ්ලොග් එකකනම් මේ Keywords කචල්. මම, කිරීම, අද, මෙන්න, ඒ, ක්ලික් වගේ වචන තමයි මගෙ බ්ලොග් එකේ අරගන තියෙන්නේ. මේවා ඒගොල්ලෝ ඔටෝමැටික් ලබාගන්න වචන.

Your Site on the Web යටතේ ඇති Internal links

මේකෙන් නම් බලාගන්න පුලුවන් අපේ වෙබ්අඩවියට/පිටුවට අභ්‍යන්තර ලින්ක්. එය ඉහල Links to your site යටතේ කීව විදියට බලාගන්න පුලුවන්.

Your Site on the Web යටතේ ඇති Subscriber Ststs

මෙතනින් පුලුවන් අපේ ෆීඩ් ලිපින වලට ලැබෙන ඉල්ලුම/දායකත්වය වගේ දේවල් ගැන බලාගන්න. Feed burner භාවිතා කරනවා නම් මෙතන නිවැරදිව දිස්වෙන්නේ නෑ බොහෝවිට. නමුත් අපේ අඩවියේ Google Webmaster Central මගින් සොයාගන තියන ෆීඩ් ලිපින සයිට්මැප් එකක් විදියට ඇතුලත් කරන්න පුලුවන් ලේසිම ස්ථානයක් තමයි මෙතන. (Y)
කරන්න තියෙන්නේ ෆීඩ් ලිපිනය ඉදිරියෙන් Submit feed as Sitemap යටතේ ඇති “Yes, Please !” ක්ලික් කිරීම විතරයි. 8|
සයිඩ්බාර් එකේ Diagnostic යටතේ දැක්වෙන්නේ අපේ වෙබ් අඩවියේ Google Webmaster Central මගින් සොයාගත්තු Malware තියද, වැඩකරන්නේ නැති ලින්ක් මොනවද කියන දේවල් ගැන විස්තර. මේතන තියන වැදගත් තැනක් තමයි Crawl stats කියන ඔප්ෂන් එක යටතේ තියන ප්‍රස්ථාර සටහන්. මෙයින් දැක්වෙන්නේ  Googlebot (ගුගල් එකේ ඔත්තුකාරයා ;)   වෙබ් අඩවිගැන සොයාබලන වැඩසටහනක්) අපේ වෙබ්අඩවියේ  ඔත්තුබලන්න/ඕපදූප හොයන්න ආපුවා ගැන විස්තර, එයා හැසිරුන හැටි ගැන විස්තර. මේ ගුගල් බොට් එනවට කැමති නැත්නම් අපිට පුලුවන් මේ meta tag එක අපේ වෙබ් අඩවියට එකතුකරන්න.
[[සැ.යු. - මෙය කිරීමෙන් ඔබේ අඩවියේ වෙබ් ට්‍රැෆික් හා ගුනාත්මක භාවය නැතීවී යයි... මෙය නොකර සිටීම සුදුසුයි]]
stop/restrict google bot
ගුගල් ඔත්තුබලනවාට කැමති නැත්නම් මෙන්න කෝඩ් එක.
මේක පිංතුරයක් විදියට දැම්මේ මගෙ සයිට් එකට කෙලෙවුනොත් එහෙම.. (sweat)  වැඩි විස්තර මෙතනින් ගිහින් විකිපීඩියාවෙ බලන්න‍.
තවත් වැදගත් දෙයක් තමයි Labs යටතේ තියන  Site performance කියන ස්ථානය. මෙයින් ඔබේ වෙබ් අඩවියේ වේගය ගැන ප්‍රස්ථාරයක් ලබාගන්න පුලුවන්. ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවද, ඒ වෙලාව අනිත් වෙබ් අඩවි සමග කොපමන ප්‍රමානයක්ද වගේ විස්තර දැක්වෙනවා.
Google Webmaster Central වල තව ගොඩක් දේවල් තියනවා. මම මේ ලිපියට ඇතුල් කලේ මට හොදින්ම දන්න දේවල් ටිකක්. නොදන්න දේවල් මීට ඇතුලත් කලේ නෑ.. වරදක් තියනවා නම් නිවරදි කරන්න කියලා ඉල්ලාසිටිනවා. මීළඟ කොටසින් හමුවෙමු.

No comments:

Post a Comment