Tuesday, November 16, 2010

Quality අඩු නොවන ලෙස Video File එකක් කොටස් වලට වෙන් කරන ආකාරය.


   ඔබට 1GB Film එකක් CD දෙකකට දානව වගේ දෙයක් කරන්න ඕන නම්.Film එකක ගීත වෙන් කර ගන්න ඕන නම්.අනික Quality අඩු කරගන්නත් අකමැතියි නම් මෙන්න මෙහෙමයි Quality  අඩු නොවන ලෙස Video File එකක් කොටස් වලට වෙන් කරන්නෙ.

මෙහෙමයි කරන්නෙ ඕක කරන්න පුළුවන් Format Factory කියන මෘදුකාංගයෙන්. මෙතනින් පිවිස Format Factory සිංහල හැදින්වීම සමග බාගතකරගන්න.

වැඩේ කරන්නෙ මෙහෙමයි - Format Factory Open කරන්න > Advanced > media file info යන්න ඔබට කොටස් වලට වෙන් ඕන වීඩියෝ එක Brows කරල දෙන්න දැන් ඒ වීඩියෝ එකේ Info දැකගන්න පුළුවන්.ඒ Info Word Pad එකකට Save කරගෙන.

නැවතත් Format Factory > Video යන්න දැන් ඔබ Word Pad එකේ Past කරන ලද විඩියෝ එකේ Type එක තෝරන්න [උදාහරණ - ඔබගේ Video එක VAI නම් All to AVI යන්න.]

දැන් Add Files තුලින් විඩියෝව තෝරා දී Output Setting යන්න.දැන් ඔබ Word Pad එකේ Past කරන ලද Info බලාගෙන ඒ ආකාරයෙන්ම Video Output Setting හදන්න.[උදාහරණ- ඔබගේ වීඩියෝවෙ FPS - Freams Per Second ගණන 25 නම් Output Setting තුලද FPS 25 ලෙස ලබාදෙන්න.]

දැන් එය OK කර Option යන්න එහිදී ඔබට වීඩියෝව වෙන් කරන්න ඕන කොතැන සිට කොතැනටද.(ඒ කියන්නෙ මිනිත්තු 1 සිට 20 තෙක් ඹබට එක වීඩියෝ කොටසක් ලෙසට ඕන නම්) යන්න Start Time සහ End Time යන තැක් වල සටහන් කර OK > OK යන්න.

ඉන්පසු Start දෙන්න.එය අවසන් වූ පසු Output Folder [ C:\Users\Unknown\Documents\FFOutput ] තුලට ගොස් බලන්න.මෙම ආකාරයට අනෙක් කොටස්ද වෙන් කරගන්න පුළුවන්.

මෙහිදී වීඩියෝවෙහි Quality  වීමක් වීමක් කිසිසේත් සිදු නොවේ.ඒ Original වීඩියෝවේ Info අනුව දෙවන වීඩියෝවද සැකසීමයි.

No comments:

Post a Comment